සී.අයි.ඒ. බුද්ධි වාර්තාවක් එළියට

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ බිහිසුණු බව චීන රජය ලෝක සෞඛ්‍යයෙන් වසං කළේ යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය වාර්තාවක සඳහන් වෙයි.
චීනය පවසන අන්දමට ‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ පසුගිය දෙසැම්බරයේ එරට හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. චීනය වයිරසය මිනිසුන් අතරේ වේගයෙන් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇත්තේ ජනවාරි දෙවැනි සතියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සූදානම් වී ඇති නමුත් චීනය ඊට හරස් වී ඇති අතර, චීන රජය එරට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ දත්ත පිළිගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කර ඇත. මේ සියයල්ල සී.අයි.ඒ. සංවිධානය නිකුත් කළ නව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ලොව පුරා දස් ගණනින් පමණක් නොව, ඇමෙරිකාවේ පමණක් 82,000 කට වැඩි පිරිසක් මියගොස් ඇත්තේ ලෝක සෞඛය සංවිධානය චීනයේ කීමට කන් දෙමින් නිසි පරිදි ලොවට අනතුරු ඇඟවීම් නිකුත් කළ නිසා බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා නගා ඇත.
ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පමණක් නොව, ජර්මන්, ප්‍රංශ, ඕස්ටේ්රලියා සහ නවසීලන්ත බුද්ධි අංශ නිකුත් කළ වාර්තාවල පවා සඳහන් වී ඇත්තේ, චීන රජය සහ චීන ජනාධිපති ෂී ජින්පින්, වයිරසයේ තොරතුරු වසං කිරීමටත්, තොරතුරු ප්‍රසිද්ධ කිරීම හිතාමතා ප්‍රමාද කිරීමටත් කටයුතු කර ඇති බවය.
වයිරසය සම්බන්ධයෙන් කරන අනතුරු ඇඟවීම් ප්‍රමාද කරන්නැයි චීන ජනාධිපති ජින් පින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ එහි ප්‍රධානියාගෙන් ඉල්ලා ඇතැයි තමන් විශ්වාස කරන බව ජර්මනිය පවසා තිබේ.
වයිරසය චීනයේ වේගවෙන් පැතිරෙද්දී පසුගිය ජනවාරි 28 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙඩෝර්ස් ග්රෙබි්රයේසිස් බීජීං අගනුවරට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් සහ චීන සෞඛ්‍ය බලධාරීන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
එම සාකච්ඡාවෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලොවට සහතික වූයේ වයිරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසය. වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් නොකරන බව ද එම අවස්ථාවේදී ප්‍රධානී තෙඩෝර්ස් ග්රෙබි්රයේසිස් වැඩිදුරටත් පැවැසුවේය.
බුද්ධි අංශ එල්ල කරන මෙම සියලු චෝදනා චීනය පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රතික්ෂේප කර තිබේ. චීන රජය එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සහ කරුණු පැහැදිලි කරමින් වචන 11,000 කින් යුත් පිටු 3 ක විශේෂ වාර්තාවක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්/ඬේලිමේල්)

