සිවිල් යුද විරුවන්ට අපහාස කරන්න දෙන්නේ නෑ

ඇමෙරිකන් සිවිල් යුද විරුවන් සිහිපත් කරමින්, ඇමෙරිකන් හමුදා කඳවුරුවලට යොදා ඇති නම් වෙනස් නොකරන බවත්, එම සිවිල් යුද විරුවන්ට අපහාස කිරීමට කිසිවකුටවත් ඉඩක් ලබා නොදෙන බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, සිවිල් යුද විරුවන්ගේ නම්වලින් නම් කළ හමුදා කඳවුරුවල නම් වෙනස් කරන්නැයි ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණයත් සමඟ ඇමෙරිකාවෙන් ඇරැඹුණු විරෝධතා ලොව පුරා රටවල් රැසක පැතිර ගියේය. කළු ජාතිකයන්ගේ ජීවත්වීමට ඇති වෙනුවෙන් සහ ජෝර්ජ් ෆ්ලොයිඞ්ට සාධාරණයක් ඉල්ලමින් ඇරැඹුණු විරෝධතා මේ වනවිට නව මුහුණුවරක් ගෙන ඇත. ඒ, ඇමෙරිකාවේත් බටහිර රටවලත් යටත්විජිතවාදය සහ වහල් ක්‍රමයට එරෙහි විරෝධයක් ලෙසිනි. විරෝධතාකරුවන් යුරෝපයේත් ඇමෙරිකාවේත් පිලිම සහ ස්මාරක කඩා දමන්නේ එහෙයිනි.
මේ අතර, වොෂින්ටන් අගනුවර පිහිටා ඇති ඇමෙරිකන් සිවිල් යුද්ධයට සම්බන්ධ රණවිරුවන්ගේ ප්‍රතිමා ඉවත් කළ යුතු යැයි ඩිමොක්රටික් පාක්ෂික නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලොසි යෝජනා කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)

