සිරුරු කොටස් මූදේ ගිල්වයි
වයඹදිග සිරියාවේ කළ වැටළීමකදී බෝම්බ කබාය පුපුරුවා ගනිමින් මියගිය අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ සිරුරු කොටස් මුහුදේ ගිල්වා දමනු ඇතැයි ඇමෙරිකාව පැවැසීය.
මීට පෙර 2011 දී පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් වූ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමූ අවස්ථාවේදී ඔහුගේ දේහය මේ අයුරින් මුහුදේ ස්ථානයක ගිල්වා දැමීම සිදුවිය.
අල් බැග්ඩෑඩිගේ සිරුරු කොටස් ගිල්වා දැමීම කළේ ඊට සම්බන්ධ වුණු හමුදා සොල්දාදුවන්ගේ ප්රධානත්වයෙනි. සිරුරු කොටස් ගිල්වා දැමීමට පෙර, ඒවා අල් බැග්ඩෑඩිගේ යැයි නිල වශයෙන් තහවුරු කර ගැනීම සිදුවිය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

