සිරුරට ගිනි තබා ගන්න සැරැසුණු පුද්ගලයෙක් අත්අඩංගුවට



කාබාහි පිහිටි මක්කම ප්‍රධාන පල්ලිය ඉදිරිපිට සිරුරට ගිනි තබා ගැනීමට තැත් කළ පුද්ගලයකු වහා අත්අඩංගුවට ගත් බව සෞදි පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා සිරුරට ගැසොලීන් වත්කර ගිනි තියා ගැනීමට සැරැසෙද්දී අසල සැටි පිරිස් සහ පොලිසිය පැමිණ ඔහු මෙල්ල කර ගත් බවත්, පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේජර් සමේහ් අල් සලාමී පවසා ඇත.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS