සිරියාවේ සුන්බුන්වලට යටවූ 6 හැවිරිදි දරුවකු බේරා ගැනේ.



ඇලෙප්පෝවෙහි කඩාවැටුණු ගොඩනැගිල්ලක් තුළ සිරවී සිටි වයස අවුරුදු 6ක දරුවකු බේරාගැනීමට සුදු හෙල්මට් සහන සේවකයින් සමත්වී ඇත.

මෙම දරුවා සිටි අල්-මදීනා නගරයේ නිවසට එල්ලවු ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් නිවසට දැඩි හානි සිදුවී ඇති අතර එහි බිත්ති බිමට කඩා වැටී ඇත.

එම සුන්බුන් වලට මෙම දරුවා යටවී ඇත.

මෙම දරුවාගේ මව සහ තවත් දෙදෙනෙක් මෙම ගුවන් ප්‍රහාරයෙන් මියගොස් ඇත.

මොහොමඩ් නම් මෙම දරුවා බේරාගැනීමය වයිට් හෙල්මට් සහන සේවකයින්ට පැය 4කට වඩා වැඩි කාලයක් ගත කිරීමට සිදුවිය.

රුසියාව විසින් අයි.එස් අයි.එස් ත්‍රස්ත්‍රවාදීන්ට දරුණු ගුවන් ප්‍රහාරයන් මාලාවක් එල්ල කරමින් සිටිති.

 

(ජානක ප්‍රියදර්ශන ජයතිලක)


RECOMMEND POSTS