සිරියාවේ සටන් විරාමයකට රුසියාව හා තුර්කිය සැලසුම් කරයි.




සී.එන්.එන් ඇසුරෙනි...

සිරියානු රජය සහ එරට අයි.එස්. කැරළිකාර කණ්ඩායම් අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ තුර්කිය සූදානම් ෙවමින් පවතින බව තුර්කි රාජ්‍ය මාධ්‍ය අද (28) රාත්‍රියේ නිවේදනය කළේය.

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට අන්කාරා නුවර සහ මොස්කව් නුවර රාජ්‍යතාන්ත්‍රකයින් සූදානම් සිටින බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මෙලෙස සටන්විරාමයන් පිළිබඳව අයි.එස් ත්‍රස්තයින් හෝ සිරියානු රජය කිසිදු එකඟතාවක් මේ දක්වා පළකර නොමැති බවයි.

වසර හයක් පුරා පවතින අයි.එස් ත්‍රස්තයින් හා සිරියා හමුදා කණ්ඩායම් අතර පවතින මෙම ගැටුම් හේතුවෙන් සිරියාවේ ඇලෙප්පෝ ප්‍ර දේශයේ පමණක් හාරලක්ෂයකට අධික සිවිල් වැසියන් ඝාතනය වූ අතර සටන් විරාම ගිවිසුමක් දෙපාර්ශවය අතර ඇති කිරීමට ඇමෙරිකාව ,රුසියාව ,තුර්කිය , අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද එම සියලු අවස්ථාවන් ව්‍යවර්ථ වීය.

 

තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS