සිරියාවේ නගරයකට රසායනික අවි ප්‍රහාරයක් 35 ක් මරුට



වයඹදිග සිරියාවේ කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින නගරයකට රසායනික අවි යොදා ගෙන ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, එම ප්‍රහාරයෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 35 දෙනකු මියගොස් 60 දෙනකු තුවාල ලබා ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.

විදෙස් පුවත් සේවා මේ බව වාර්තා කළේ සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි. එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ක්ලෝරීන් විස රසායන යොදා ගෙන යැයි ද එම සංවිධානය පවසා ඇත.
විස වායු ප්‍රහාරය එල්ල කර ඇත්තේ ප්‍රහාරක ගුවන් යානය.

එම ගුවන් යානා සිරියානු ගුවන් හමුදාවට හෝ ඔවුන්ට සහාය පළ කරන රුසියන් ගුවන් හමුදාවට හෝ අයත් ප්‍රහාරක යානා යැයි ද සිරියානු මානව හිමිකම් සුරැකීමේ සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.

ඒ.එෆ්.පී.

 


RECOMMEND POSTS