සිරියානු හමුදා ගම් දෙකක් මුදාගනියි



සිරියානු හමුදාවන් Raqqah පලාතේ දයේෂ් සටන්කාමීන් සතුව පැවති ගම්මාන දෙකක් යළි මුදාගැනීමට සමත්වී ඇති බවප්‍රෙස්ටීවි වෙබ් අඩවිය වාර්තා කළේය.

Raqqah නගරය අල්ලා ගැනීමට ඉදිරියට ඇඳෙන සිරියානු හමුදාවන් කාබාහ් මොසෙන් සහ බර් අල් සභා යන ගම්මාන දෙක යලි මුදාගත් බව මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.

මෙම ගම්මාන දෙක Raqqah නගරයේ සිට කිලෝමීටර් 80ක දුරින් පිහිටා තිබෙන අතර වයඹ දිග සිරියවේ පිහිටි නගරයන් දෙකක් වන ඇලෙප්පෝ නගරයට සහ Raqqah නගරය සම්බන්ධ වන ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් හතක් දකුණු දෙසින් පිහිටා ඇත.

සිරියානු හමුදාවන් නැගෙනහිර ඇලෙප්පෝ නගරයට දකුණු දෙසින් පිහිටා ඇති නගරයක් වන මස්කෙනා නගරය ආසන්යේ ඇති ගම්මාන කීපයක් පසුගියදා යලි මුදාගත්තේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ප්‍රෙස්ටීවි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS