සිරියානු සාම කතාවලට බාධා

සිරියාවට සාමය උදා කරමින්, පවතින දේශපාලන අර්බුදයට සාර්ථක විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව සිරියානු රජයේ නියෝජිතයන් සහ විපක්ෂ නියෝජිතයන් කසක්ස්තානයේ ඇස්තානා නුවරට රැස්වුණු නමුත් සාම සාකච්ඡා අසාර්ථක විය.
සිරියානු රජය නියෝජනය කරමින් සාම සාකච්ඡා සඳහා සහභාගී වූ ‘සිරියානු ජාතික සන්ධානය’ චෝදනා කළේ විපක්ෂය එම සාකච්ඡා වර්ජනය කළ බවටය.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් සාකච්ඡා සඳහා උනන්දුවක් දැක්වූයේ නැත. ඊට හේතුව වූයේ සිරියානු රජයේ හමුදා සිරියානු සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ‘සෙරීන්’ විස වායු ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධයයි.
(ප්‍රෙස් ටීවී)

