සිරවූවන් මුදා ගැනීමට ඔන්න මෙන්න



ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගයක් තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමට ඉතා අසන්න යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

බේරා ගැනීම සිදුවනු ඇත්තේ සිරවී සිටින කම්කරුවන් සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක්  විදීමෙනි. මේවනවිට එම සිදුර විදීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, පිරිස සිරවී සිටින ස්ථානයට ඇත්තේ අඩි 6 ක් පමණ දුරක් බවත් ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය පවසයි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේය. එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කිරීමට නියමිතය. සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවනු ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS