සියලුම පොලිස් නිලධාරීන්ට මිනීමැරුම් චෝදනා

මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් ඝාතන සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිවුදෙනාටම මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත.
46 හැවිරිදි කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් මිනියැපොලිස් පොලිසියේ පොලිස් නිලධාරීන් සිවුදෙනා අත්අඩංගුවට ගත්තේ පසුගිය 25 වැනිදාය. ඒ, ඩොලර් 20 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ෆ්ලොයිඞ් ළඟ තිබීමේ වරදටය.
මාංචු දමා ෆ්ලොයිඞ් බිම පෙරළා ගත් අවස්ථාවේදී, ෆ්ලොයිඞ්ගේ ගෙල දණහිසින් තද කරගෙන සිටියේ සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ය. ඩෙරික් චෝවින්, සමඟ එතැනට පැමිණ සිටි සෙසු පොලිස් නිලධාරීන් වූයේ ටෝ තාඕ, ජේ. ඇලෙක්සැන්ඩර් සහ තෝමස් ලේන් ය. චෝවින්, ෆ්ලොයිඞ්ගේ ගෙල තද කරගෙන සිටිද්දී, ජේ. ඇලෙක්සැන්ඩර්, ෆ්ලොයිඞ්ගේ පිට තද කරගෙන සිටි අතර, තෝමස් ලේන් ෆ්ලොයිඞ්ගේ පාදවලින් අල්ලා ගත්තේය. පොලිස් නිලධාරී ටෝ තාඕ ඒ අසල බලන් සිටියේය.
ජංගම දුරකතනවලින් රූගත කෙරුණු මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේත් පසුව ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධ විය. ඒ සමඟ පොලිස් ප්‍රධානීන්, ඩෙරික් චෝවින් ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් සේවයෙන් නෙරපා දැමුවේය.
මිනීමරුම් චෝදනා එල්ල කරමින් ඩෙරික් චෝවින් අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන සතියේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ විරෝධතා උත්සන්න වෙද්දී ය. මිනීමැරුම් චෝදනා එල්ල වූ ඔවුන් තිදෙනා ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිනියැපොලිස්හිදීය (රොයිටර්)

