සියලු ඇයිහොඳයිකම් නවත්වනවා



ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස නම් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණයට විරෝධය පළ කරමින්, රුසියාව සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට පියවර ගන්නා බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

රුසියානු සම්භවයක් ඇති රුසියන් හිතවාදීන් සහ රුමියන් හිතවාදී යුක්රේන බෙදුම්වාදීන්ගේ පාලනයට නතු ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත් රුසියාවේ ග්‍රහණයට පත් වීම සම්බන්ධයෙන් යුක්රේන පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්විණි.

එහිදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ සන්ධාන රජය සමඟ එක් වී සිටින මධ්‍යස්ථමතධාරී දේශපාලන කණ්ඩායම් ජනාධිපති සෙලෙන්ස්කීට චෝදනා නගන්න වූයේ ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් පළාත් ද අයත් ‘ඩොන්බාස්’ ප්‍රදේශය රුසියාවට අත්වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. යුක්රේන පාර්ලිමේන්තුවේ ආසන 44 ක් ඇත්තේ මධ්‍යස්ථ මතධාරීන් සතුවය.

(රොයිටර්)


RECOMMEND POSTS