සියයට 90 කට රෝග ලක්ෂණ නෑ

පාකිස්තානයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 90 ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
පසුගිය සති අන්තයේ වාර්තා වූ නව ආසාදිතයන් ගණන 1,176 කි. ඒ අනුව, සමස්ත ආසාදිතයන් ගණන 2,74,289 ක් ලෙස ඉහළ ගියේය. මරණ වාර්තා වන්නේ 5,932 ක් ලෙසිණි.
ආසාදිතයන් හඳුනා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව, පාකිස්තාන රජය පවසා ඇත. මේ වනවිට පාකිස්තානය සිදු කර ඇති පරීක්ෂණ ප්‍රමාණය 22,056 ක් පමණක් යැයි පැවැසෙයි.
ඒ අනුව පාකිස්තානයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව එරට සෞඛ්‍ය අමත්‍යාංශයේ ප්‍රධානී වෛද්‍ය සෆාර් මිස්රා පවසා ඇත.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

