සිම්බාබ්වේ මහ මැතිවරණය අද

සිම්බාබ්වේ මහ මැතිවරණය අද පැවැත්වෙයි.
මැතිවරණය පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ ඉහළ සහ පහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සහ නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම මැතිවරණයේ අරමුණ වෙයි.
1980 වසරේ සිට, දශක ගණනාවක් බලයේ සිටි රොබට් මුගාබේ හමුදා කුමන්ත්රණයකින් ඉවත් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වෙයි.
රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත් වූයේ 1980 වසරේ, බ්‍රිතාන්‍යයෙන් සිම්බාබ්වේ රාජ්‍යයට නිදහස හිමිවීමෙන් පසුවය. එදා සිට සිම්බාබ්වේ ජනාධිපති ධුරය හෙබවූයේ ජනතා වීරයකු මෙන්ම අසහාය නායකයකු ද වුණු රොබට් මුගාබේය.
දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත් වීමෙන් පසු, මුගාබේට එරෙහිව හමුදා කුමන්ත්‍රණය සිදුවූයේ පසුගිය වසරේය. පාලක සානු දේශප්‍රේමී පෙරමුණ පක්ෂයෙන් පවා මුගාබේට දැඩි විරෝධයක් එල්ල විය. ඒ අනුව, මුගාබේ ධුරයෙන් ඉවත් වූ අතර, කලක් උප ජනාධිපති ලෙස කටයුතු කළ 75 හැවිරිදි එමර්දන් මුනගැග්වා, මුගාබේගේ අඩුව පුරවමින් ජනපති ධුරයට පත් විය. එමර්සන් සිම්බාබ්වේ ජනපති ධුරයට පත් කරනු ලැබුවේ සානු දේශප්‍රේමී පක්ෂය විසිනි.
අද (30) මහ මැතිවරණයට මුනගැග්වා ඉදිරිපත් වූයේ ජන වරමකින් සිය ධුරය තහවුරු කර ගැනීමේ අටියෙනි. තවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් තුනක් මැතිවරණයට ඉදිරිපත් විය.

එයින්, මුනගැග්වාට අභියෝගයක් කළ හැකි විපක්ෂ දේශපාලන පක්ෂය රජාතන්ත්‍රවාදී පෙරමුණය. සිම්බාබ්වේ විපක්ෂ නායකයා ලෙස සැලකෙන්නේ එම පක්ෂයට නායකත්වය දෙන 40 හැවිරිදි නෙල්සන් චමීසා ය. නෙල්සන් චමීසා සිම්බාබ්වේ ජනාධිපති ධුරයට පත්වුවහොත්, ළාබාලතම ජනාධිපති වනු ඇත්තේ චමීසාය.
(රොයිටර්)

