සිංගප්පූරුවෙන් පළමු මරණ
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පළමු මරණ සිංගප්පූරුවෙන් වාර්තා වේ.
මියගොස් ඇත්තේ 75 හැවිරිදි සිංගප්පූරු කාන්තාවක සහ 64 හැවිරිදි ඉන්දුනීසියානු පිරිමියෙකි. තවත් 16 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සිංගප්පූරු සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සාර්ථක අයුරින් මර්දනය කිරීමට හැකි වූ රටක් ලෙස සිංගප්පූරුව සැලකෙයි. සිංගප්පූරුවෙන් ආසාදිතයන් 385 ක් හමුවිය. ඒ අතරින් 131 ක් සම්පූර්ණ සුවය ලබා ඇත.
(රොයිටර්)

