සිංගප්පූරු අගමැති ඉල්ලා අස්වෙයි



සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූනග් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස 51 හැවිරිදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් තේරී පත්වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉල්ලා අසුවූ පසු තමාගේ කැබිනට්ටුවේ ලී සියෙන් ලූනග් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බව  නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් පැවැසුවේය.

ලෝරන්ස් වොන්ග් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉගෙනමු ලැබූ ආර්ථික විද්‍යාඥයෙකු වන අතර ඔහු සිංගප්පූරුවේ සිව් වැනි අග්‍රාමාත්‍යවරයාද වනු ඇත.එසේම ඔහු සිංගප්පූරු නගර රාජ්‍ය 1965 වසරේ නිදහස ලැබීමෙන් පසු උපත ලද ප්‍රථම අග්‍රාමාත්‍යවරයාද වේ.වොන්ග් ලී පවුලේ සාමාජිකයෙකු නොවන දෙවන නායකයාද වන අතර ඔහු ඊයේ (15) රාත්‍රියේ පැවැත්වුණු උත්සවයකදී සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමට නියමිතය.

ජීවන වියදම, අසමානතාවය සහ සංක්‍රමණ පිළිබඳ ගැටලු වැඩිවෙමින් පවතින අවස්ථාවක නගර රාජ්‍ය බාර ගන්නා වොන්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 16ක් වනු ඇති බව පැවැසෙයි.

අග්‍රාමාත්‍ය ලී ගේ ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වමින් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ජා ඉයන් චොන්ග් ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය ලී සිංගප්පූරුව ඉහළටම රැගෙන ආවත් ඔහු දන්නා ලෝකය අවසන් වෙමින් පවතින බැවින් ඉල්ලා අස්වීමට ගත් තීරණය ඉතාමත් සුදුසු තීරණයක් බවයි.


RECOMMEND POSTS