සැමියෙකු සේවාස්ථානයේදී බිරිදට පහරදෙයි

සෞදි රාජ්‍යෙය් බීසා නගරයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවය කරනු ලබන සෞදි ජාතිකයෙකු, තම සේවා ස්ථානයේදි බිරිදට පහරදුන් පුවතක් අරාබික් ඩේලි සබ්ක් වෙබ් අඩවිය වාර්තා කලේය.
ඇයද එම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හෙදියක් වශයෙන් සේවය කරයි.
දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමෙන් අනතුරුව සැමියා විසින් ඇයට අතින පයින් පහරදී ඇත.
දෙදෙනාම රාජකාරි කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදි පහරදීම සිදුව ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් ඇය සිය සැමියාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිත අතර පහරදීමෙන් ඇයට සිදුවූ තුවාල සම්බන්ධයෙන් වෛද්‍ය වාර්ථාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවතත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

