සැම්සුන්8 සහ 8ප්ලස් ඩුබායි මිල ගණන් එලිදැක්වේ



එම්රේට්ස් හි ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලවියේ ප්‍රමුඛ සමාගමක් වන ජැකී ඉලෙක්ට්‍රොනික්ස් සමගම පසුගියදා සැම්සුන් වර්ගයේ ජංගම දුරකථන වර්ග දෙකක මිල ගණන් ප්‍රකාශයට පත් කල අතර මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම මාර්තු මස 29දින සිදුවිය. 
සැම්සුන්8 සහ 8ප්ලස් වර්ගයේ ජංගම දුරකථන රත්‍රන්, කළු, වයලට් යන වර්ණයන් ගෙන් ලබාගත හැක.

සැම්සුන්8හි මිල ලෙස සටහන්වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 762.67(එමිරේට්ස් ඩිනාර් 2,799)යක් වන අතර එහි තිරය අඟල් 5.8ක් වේ. 

සැම්සුන්8ප්ලස් මිල වන්නේ ඇමරිකානු ඩොලර් 844.41(එමිරේට්ස් ඩිනාර් 3,099)ක් වන අතර එහි තිරයට අඟල් 6.2ක් වේ. 

දුරකථන හදුන්වාදීම සඳහා පැවති උත්සවයයෙන් අනතුරුව සමාගමේ ප්‍රධාන මෙහෙයුම් විධායක නිලධාරී, අෂීෂ් පන්ජාබි අරාබියන් බිස්නස් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

සැම්සුන් දුරකථන එලිදැක්වීමේ නිළ උත්සවය අප්‍රේල් මස 21දින පැවැත්වීමට නියමිත අතර එමිරේට්ස් හි ඇති බොහෝ ජංගම දුරකථන අලවිකරන ආයතන මේ වනවිටත් දුරකථන ඇණවුම් කර ඇති බව වාර්තා වේ. 

කලින් ඇණවුම් ලබාදුන් පාරිභෝගිකයින්ට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව පන්ජාබි කියා සිටියේය. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබියන් බිස්නස් පුවත් ඇසුරෙන්)

 


RECOMMEND POSTS