සාමාජිකත්වය දෙන්න යුරෝපා සංගමයේ කැමැත්ත



යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු වීමට කැමැත්ත පළ කර ඇති අතර, යුරෝපා සංගමය පවසා ඇත්තේ, යුක්රේනයට කඩිනමින් සාමාජිකත්වය ලබා දීමට පියවර ගන්නා බවය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී, රොමේනියානු ජනාධිපති ක්ලවුස් ඉහෝනිස් යුරෝපා සංගමය නියෝජනය කරමින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්න්කී හමුවී මේ බව දැනුම් දුන්හ.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය යනු යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයන් තිදෙනාය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. එම හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙන්, යුරෝපා රටවල් දැඩි අර්බුද රැසකට මුහුණ දී සිටී.

යුරෝපා සංගමය නියෝජනය කරමින්, ප්‍රංශ ජනාධිපතවරයා, ජර්මන් චාන්සලර්වරයා, ඉතාලි අග්‍රාමාත්‍යවරයා සහ රොමේනියානු ජනාධිපතිවරයා කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී දීර්ඝ වශයෙන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

රුසියන් ප්‍රහාර හමුවේ යුද අපරාධ සිදුවී ඇති බව තමන්ට පෙනී යන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ එක් වී මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපති මැක්රොන් පැවැසුවේය.

ප්‍රංශ ජනාධිපතවරයා, ජර්මන් චාන්සලර්වරයා, ඉතාලි අග්‍රාමාත්‍යවරයා සහ රොමේනියානු ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවෙමින් වැඩි දුරටත් කියා සිටියේ, රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය නොඅඩුව ලබා දෙන බවය.

ප්‍රංශ ජනාධිපතවරයා, ජර්මන් චාන්සලර්වරයා, ඉතාලි අග්‍රාමාත්‍යවරයා සහ රොමේනියානු ජනාධිපතිවරයා කීව් අගනුවරට පැමිණ, තමන් හමුවීම තමන්ට මෙන්ම තම රට වැසියන්ට ද ශක්තියක් බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS