සාමය වෙනුවෙන් පයින් ගසක්

උතුරු කොරියා සහ දකුණු කොරියා සාම සමුළුවට සමගාමීව, දෙරට දේශසීමාවේ කොරියන් පයින් ගසක් රෝපණය කිරීම ද සිදුවිය.
ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ ප්රධානත්වයෙනි. දෙරටේ සෙසු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක් වූහ. පයින් ගස රෝපණය සිදුවූයේ දේශසීමාවේ පන්මුන්ජොන් ගම්මානයට ආසන්නයේය.
පෙක්ටු සහ හෙලා යන නම්වලින් හැඳින්වෙන උතුරු කොරියාවට සහ දකුණු කොරියාවට අයත් කඳු දෙකකින් ලබා ගත් පස් මෙම පයින් ගසට දැමූ අතර, දෙරටින්ම ගෙනා වතුර ද ඊට එක් කිරීම සුවිශේෂත්වකි. මෙම පයින් ගස සාමයේ සංඛේතය වනු ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

