සාම සමුළුව ඇරඹේ



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ දී ආරම්භ විය.

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද මෙමස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සාම සමුළුවට සහභාගී වූහ.

සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවිණි. රුසියාවෙන් පමණක් නොව චීනයෙන් ද කිසිදු නියෝජිනයක් සිදු නොවිණි. බීබීසී පුවත් මේවට වාර්තා කර ඇත්තේ රුසියන් ජනාධිපති පුටින්ට හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ට හෝ සාම සමුළුවට ඇරැයුම් කර නැති බවය.

එසේ වුවත්, රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර තිබුණු අතර, එම සාම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS