සාම කතා දේශසීමාවේ



බෙලරූස් දේශසීමාවේ දී සාකච්ඡා පැවැත්වීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කැමැත්ත පළ කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

බෙලරූස්/බෙලරුසියාවේ සාම සාකච්ඡා පැවැත්වීමට රුසියාව, යුක්රේනයට ආරාධනා කළ අතර යුක්රේනය ආක්‍රමණය කිරීමට ඉඩ සලසා දෙන සහ සහාය දෙන රටකට පැමිණීමට සූදානම් නැතැයි එම අවස්ථාවේ දී යුක්රේන ජනාධිපතිවරයා කීය.

බෙලරුසියාවේ සාම සාකච්ඡා පවත්වමු යැයි යෝජනා කළේ යුක්රේනය බව ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත් මේ වනවිට වාර්තා වන තොරතුරුවලට අනුව බෙලරූස් දේශසීමාවේ සාකච්ඡා පැවැත්වීමට යුක්රේන ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS