සාම කතා ඇරැඹේ



රුසියානු-යුක්රේන ගැටුම සමථයකට පත් කර ගැනීම සඳහා සාකච්ඡා 28 පස්වරුවේ ශ්‍රී ලංකා වේලාවෙන් 2.30 ට ආරම්භ විය. කලින් ඇති කරගත් එකඟතාවට අනුව, සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය.

සාකච්ඡා සඳහා සහභාගී වුණු යුක්රේන නියෝජිත පිරිස බෙලරූස දේශසීමාවට පැමිණියේ පෝලන්ත දේශසීමාව හරහා හෙලිකොප්ටරයකිනි.

යුක්රේන නියෝජිතයන් 5 දෙනෙකුගෙන් සමන්විත එම කණඩායමට යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව්, යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිකොලා ටොචෙට්ස්කි, ජනාධිපති කාර්යාල ප්‍රධානි මිකයිලෝ පොදොලියාක් එක් වී සිටියහ.

යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි දෙරට අතර සාකච්ඡාවේදී කථා කළ යුතු ප්‍රධාන මාතෘකා ලෙස සටන් විරාමය සහ රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගැනීම පෙන්වා දුන් දී තිබුණි.

මෙම සාකච්ඡාවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහභාගී නොවන බව යුක්රේන රජය තහවුරු කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS