සාධාරණ මුදලකට එන්නත දෙනවා

ඇමෙරිකන් රජය, ජර්මන් ඖෂධ සමාගම් සමඟ එක් වී නිර්මාණය කරන කොරෝනා වයිරසයට එරෙහි එන්නත දැරිය හැකි මුදලකට ඇමෙරිකානුවන්ට ලබා දෙන බව ඇමෙරිකන් රජය පවසා තිබේ.
ඇමෙරිකා රජය එම එන්නත නිෂ්පාදනය සඳහා ජර්මනියේ ‘බියෝටෙක්’ සහ ‘ෆිස්නර්’ යන ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ එක් වෙමිනි. එන්නත නිෂ්පාදනය වෙනුවෙන් ද ඇමෙරිකන් රජය එම සමාගම් සඳහා මූල්‍ය ආධාර ලබා දී ඇති බව ද පැවැසෙයි.
මේ වනවිට එන්නත සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති නමුත්, එන්නතේ අවසන් අදියරේ අත්හදා බැලීම් තවමත් ආරම්භ කර නැත. ජර්මන් වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත්තේ එම අත්හදා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවය.
ඇමෙරිකන් රජය මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 ක් වෙනුවෙන් එන්නත ඇණවුම් කර ඇතැයි ද පැවැසෙයි. වාර්ෂිකව, ඉන්ෆ්ලුවෙන්සා වයිරස වසංගතය හේතුවෙන් ඇමෙරිකානුන් ඊට එරෙහි එන්නත් ලබා ගැනීම සිදු කරයි.
ඒ අයුරින්ම, ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ජනතාවට විකිණීමට ඇමෙරිකන් රජය සූදානම් වෙයි. ඒ අනුව, එන්නත මිල කරනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 40 කට යැයි ද ඇමෙරිකන් රජය වැඩිදුරටත් පවසා තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)

