සාදයක් සංවිධානය කල විදේශීය ලෙබනන් ජාතිකයකු අත්අඩංගුවට



රියාද් නුවර නිවාස සංකීර්ණයක කාන්තාවන් සහ පිරිමින් සදහා සාදයක් සංවිධානය කල විදේශීය ලෙබනන්  ජාතිකයකු රියාද් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ඕකාස් වාර්තා කලේය. 

රියාද් නුවර ආගමික පොලීසියට සාදය පිළිබද පැමිණිල්ලක් ලැබීමෙන් පසු ඒ පිළිබදව අදාල ආරක්ෂක බළධාරීන්ට දැණුම් දී ඇති අතර පසුව එම නිළධාරීන් විසින් සාදයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සදහා මහජන නඩු විමර්ශන කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.  

මෙම සාදය සදහා ප්‍රචාරණ කටයුතු සහ ටිකට් පත් විකිණු සිරියානු, පළස්ථීන සහ දොර්දාන් ජාතිකයින් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

පොලීසිය මගින් කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම සාදය සදහා පැමිණි පුද්ගලයින්ට මත්පැන් පිළිගැන්වා ඇති බවය.  

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS