සාකච්ඡා කරන්න ඕනෑ



ඉන්දු පාකිස්තාන අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා කර දේශපාලනික විසඳුමක් හරහා පමණක් යැයි පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් අවධාරණය කළේය.

මෙවර මහා මණ්ඩල සැසියට සමගාමීව සාම කතා පවත්වමු යැයි පාකිස්තානය ඉන්දියාවට ඇරැයුම් කර තිබුණු නමුත්, ඉන්දියාව ඊට අකමැති විය. ඒ, මතභේදයට ලක්වුණු කාශ්මීර ප‍්‍රදේශයේදී, ඉස්ලාමීය බෙදුම්වාදීන් කළ ප‍්‍රහාරයකින් ඉන්දීය දේශසීමා මුරභටයකු මියයෑමේ සිදුවීමක් මුල්කොට ගනිමිනි.

ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වර්ජ් ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතුවාය. එහිදී ඇය පාකිස්තාන රජයට දෙහි කැපුවාය. පාකිස්තානයේ ඉම්රාන් ඛාන් රජය සාමයට කැමැත්ත බය පෙන්වන්නේ බොරුවට යැයි ඇය චෝදනා කළාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS