ස්වභාවික ආපදා තත්ත්වයක්

ජපානයට බලපා ඇති දැඩි උණුසුම් හේතුවෙන් පුද්ගලයන් 65 කට ආසන්න පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති හෙයින් එය ස්වභාවික ආපදා තත්ත්වයක් ලෙස නම් කිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.
අධික උණුසුම හේතුවෙන් පුද්ගලයෝ 22,000 ක පිරිසක් රෝහල්ගතව ප්රතිකාර ලබන බව ද පැවැසෙයි. මේ අයුරින් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයකින් ජපාන් වැසියන් පීඩාවට පත් වූයේ වසර 100 කට පමණ පසුව යැයි ද පැවැසෙයි.
රොයිටර්

