ස්පේස් එක්ස් ගගන කැප්සියුලයේ අත්හදා බැලීම් ඇරැඹේ



ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ පෞද්ගලික සමාගම නිර්මාණය කළ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය, ඊයේ (2) අත්හදා බැලීම සිදුවිය.

‘ස්පේස් එක්ස්’ සමාගම මෙම අත්හදා බැලීම කළේ නාසා ආයතනයේ ද සහාය ඇතිවය. ‘ඩ්‍රැගන්’ කැප්සියුලය, ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට විදීම සිදුවූයේ  ෆෝල්කන් 9 අධි බලැති රොකට්ටුවේ ආධාරයෙනි.

කැප්සියුලයේ අත්හදා බැලීම් සාර්ථක වුවහොත්, ලබන වසරේ සිට ඇමෙරිකන් ගගනගාමීන් උඩු ගුවනට යැවීම සඳහා මෙම කැප්සියුලය භාවිතා කිරීම සිදුවනු ඇත.

2011 වසර වනතුරු ඇමෙරිකාවේ නාසා ආයතනය, අභ්‍යශවකාශ කටයුතු සඳහා ෂටල භාවිත කළේය. ෂටල යනු යළි යළි භාවිතයට ගැනීම කළ අභ්‍යවකාශ යානාය. ෂටල භාවිතය මිල අධික වූ අතර, ඒවා විශ්‍රාම යැවීමෙන් පසු, අභ්‍යවකාශයට යෑමට ඇමෙරිකාව රුසියාව සමඟ එක්වී කටයුතු කරයි. අභ්‍යවකාශ කටයුතු සඳහා භාවිත කරන්නේ රුසියාවේ සෝයූස් ගගන කැප්සියලය.

‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය සාර්ථක වුවහොත් ලබන වසරේ සිට නාසා ගගනගාමීන් අභ්‍යවකාශයේ පිහිටි අභ්‍යවකාශ නැවැතුම්පොළට යනු ඇත්තේත්, අනාගතයේ දිනෙක සඳට යනු ඇත්තේත් ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයෙන් යැයි පැවැසෙයි.

කැනැවරල් තුඩුවේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS