ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ඉහළ යයි



ගතවුණු පැය 24 ක කාලය ඇතුළත ස්පාඤ්ඤයේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 76 කින් ඉහළ ගියේය.

ඒ අනුව, ස්පාඤ්ඤයේ කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව 193 දක්වා ඉහළ ගියේ යැයි වාර්තා විය. මේ වනවිට ස්පාඤ්ඤයෙන් හමුවී ඇති කෝවිඞ් 19 ආසාදිතයන් ගණන 6,250 ක් යැයි ද පැවැසෙයි.

මේ වනවිට ස්පාඤ්ඤ රජය එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම හදිසි තත්ත්වය දින 15 ක් තිස්සේ ක්‍රියාත්මක වනු ඇතැයි ස්පාඤ්ඤ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මැඞ්රිඞ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS