ස්පාඤ්ඤ රජුට මඩ ප්‍රහාරයක්



ගංවතුර පීඩාවට පත් වැලන්සියා ප්‍රදේශයේ පයිපෝර්ටා නගරයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් වැසියන් මඩ ප්‍රහාරයක් එල්ල කර නගරයෙන් පන්නා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මඩ පමණක් නොව හිස් වතුර බෝතල් වැනි දේවල්ද වැලන්සියා වැසියන් ස්පාඤ්ඤ රජු දෙසට කෝපයෙන් එල්ල කර ඇති බව පැවැසෙයි.

එසේම වැලන්සියා ප්‍රදේශයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස්ගේ වාහන පෙළටද එහි වැසියන් පහරදී පන්නා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සය වැනි ෆෙලිපේ රජු සහ ලෙටීෂියා රැජින ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ඇතුළු නායකයන් සමග ගංවතුරෙන් දැඩිව බලපෑම් එල්ල වූ පයිපෝර්ටා නගරයේ සංචාරය කරමින් සිටින අතරතුරේදී  විරෝධතාකරුවන් "මිනීමරුවෝ ලැජ්ජා විය යුතුයි" කෑගසමින් ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට මඩ ගසා ඇති බවත් ඔවුන්ගේ මුහුණුවල සහ ඇඳුම් පැළඳුම්වල එම මඩ වැදී ඇති බවත් වාර්තා වූවේය.


RECOMMEND POSTS