ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් කාටවත් දිනුමක් නෑ



ස්පාඤ්ඤ මහ මැතිවරණය පැවැත්වුණු අතර, කිසිදු පක්ෂයකට ජය හිමිකර ගැනීමට නොහැකි විය.

වැඩි ඡන්ද දිනා ගත්තේ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැක්චේස්ට අභියෝග කළ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොන්සවර්ටිව් ජනතා පක්ෂයයි. එසේ වුවත්, සැන්චේස්ගේ රජය පෙරළා දැමීමට අවශ්‍ය බහුතරය දිනා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත.

ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 350 කි. කොන්සවර්ටිව් ජනතා පක්ෂය දිනාගත් ආසන ගණන 136 කි.

අග්‍රාමාත්‍ය සැන්චේස් නායකත්වය දෙන්නේ සමාජවාදී කම්කරු පක්ෂයටය. සමාජවාදී කම්කරු පක්ෂය දිනූ ආසන ගණන 122 කි.

දිගටම බලයේ රැඳී සිටීමට නම්, අග්‍රාමාත්‍ය සැන්චේස් ප්‍රමුඛ සමාජවාදී කම්කරු පක්ෂයට තවත් පක්ෂ කීපයක් සමඟ එක් වී ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


RECOMMEND POSTS