ස්පාඤ්ඤ දරුවන්ට එළියට යන්න අවසර

ස්පාඤ්ඤයේ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමත් සමඟ සති 6 ක් තිස්සේ නිවෙස්වලට කොටුවුණු ස්පාඤ්ඤ දරු දැරියන්ට අද (27) පැය කීපයකට නිවෙස්වලින් එළියට යෑමට අවසර හිමිවිය.
ස්පාඤ්ඤ රජය මෙසේ තහංචි ලිහිල් කළේ දරුවන්ට නිදහස ලබා දීමක් වශයෙනි. දරුවන්ට නිදහසේ එළියට යෑමට ඉඩ ලැබුණේ වැඩිහිටියන් එක් අයකු පමණක් සමඟය.
ඉතාලියට පසු ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වැඩියෙන් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙනි. ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 23,000 පසු කර ඇතැයි පැවැසෙයි.
මැඞ්රිඞ්හිදීය (රොයිටර්)

