සවුදි පොලිස් නිධාරින් 2ක් ප්‍රහාරයකින් මරුට

(දම්මාම්)
සවුදි අරාබියේ දම්මාම් නගරයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් පොලිස් නලධාරිනන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වෙයි. සවුදි අරාබියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වයි.
සවුදි අරාබියේ නැගෙනහිර පළාතේ අගනුවර වශයෙන් හැඳින්වෙන අතර එහි වැඩිපුර වාසය කරන්නේ ෂියා මුස්ලිම්වරැය.
පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කර ඇත්තේ මෝටර් රථයකින් මුර සංචාරයේ යෙදෙද්දීය. ඒ සෙනසුරාදා සවුදි වෙලාවෙන් රාත්‍රි11.30ට පමණ බව සවුදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රෝහලට ගෙන යන විටත් පොලිස් නිලධාරින් දෙදෙනා මිය ගොස් සිටි බව වාර්තා වෙයි.
ප්‍රහාරයට වග කිව යුත්තකෙවුරුන්දැයි අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ නැත. ඛනිජ තෙල්වලින් පොහොසත් ප්‍රදේශයක් වන දම්මාම් ප්‍රදේශයේදී මීට පෙරද පොලිස් නිලධාරින්ට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවිය.
මේ වසරේ ජනවාරි මාසයේදී සවුදි අරාබියේදී පොලිස් නිලධාරින් සතර දෙනෙකු ඝාතනය කර තිබුණි.

