සල්මාන් රුෂ්ඩිට ඇසක් අහිමි වෙයි



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, විශ්ව විද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදී, පිහි ප්‍රහාරයකට ලක් වුණු ලේඛක සල්මාන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම, මුළුමනින්ම නැතිවී ගොස් ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ ඒජන්තවරයා වන ඇන්ඩෲ වයිලී පවසා තිබේ.

ඉන්දියාවේ උපත ලැබූ බි්‍රතාන්‍ය ජාතිකයකු වන 75 හැවිරිදි රුෂ්ඩි, මුස්ලිම් ලෝකයේ උදහසට ලක් වුණු, බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛකයෙකි.

රුෂ්ඩි මුස්ලිම් ලෝකයේ උදහසට ලක් වූයේ 1988 වසරේ ‘සැටනික් වර්සස්’ (සාතන්ගේ කවි) නමැති කෘත්‍රිය එළිදැක්වීම හේතුවෙනි.මෙම නවකතාව හරහා ඉස්ලාම් දහමටත්, මහම්මත්තුමාටත් අපහාසයක් සිදුවන බව මුස්ලිම් වැසියන්ගේ අදහසය.

සල්මාන් රුෂ්ඩි, පසුගිය අගෝස්තු 12 වැනිදා දරුණු ලෙස පිහි ප්‍රහාරයකට ලක් වූයේ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයකට සහභාගී වෙමින් සිටිද්දීය.

පිහි ප්‍රහාරය එල්ල කළේ, දේශනයට සවන් දීමට පැමිණි පිරිස අතරේ සිටි 24 හැවිරිදි හදි මටාර් නමැති නිව් ජර්සි ප්‍රාන්තයේ ෆෙයාර්විව් නගරයේ පදිංචි තරුණයෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS