සල්මාන් රුෂ්ඩිගේ තත්ත්වය යහපත්
දේශනයක් අතරතුරේ පිහි ප්‍රහාරයකට ලක්වී බරපතළ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩිගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත්, වෙන්ටිලේටර් (ස්වසන) යන්ත්‍රයකට සම්බන්ධ කර සිටි ඔහු එම යන්ත්‍රයෙන් ඉවත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රුෂ්ඩි සැත්කමකට භාජන කළ බවත්, එම සැත්කම සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත් වෛද්‍යවරු පවසති.
75 හැවිරිදි සල්මාන් රුෂ්ඩි, පසුගිය සිකුරාදා (12) පිහි ප්‍රහාරයකට ලක් වූයේ උදෑසන 10.45 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයකට සහභාගී වෙමින් සිටියදීය.

