සමුළුව අතරතුරේ ට්‍රම්ප් යුක්රේන ජනපති හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ඊට සහභාගී වූ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙනි.
ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටය. ඔහු අයිස්ලන්තයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හමුවී, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. සාමයට කැමැති බව පැවැසුවත්, රුසියන් ජනාධිපති පුටින් යුද්ධය අවසන් කර නොමැති අතර, මේ වනවිට දිගට හරහට රුසියන් හමුදා යුක්රේනයේ නගරවලට පහර දෙයි.
සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා කරද්දි, ට්‍රම්ප් කියා සිටියේ, රුසියාව විසින් යුක්රේනයේ අල්ලා ගනු ලැබ ඇති සියලු ප්‍රදේශ ආපසු ලබා ගැනීමට යුක්රේනයට හැකියාව ඇති බවය.
බටහිර මිතුරන්ගෙන් යුක්රේනයට මුදල් සහාය ලැබෙන බවත්, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සහාය ලැබෙන බවත් ඉවසීමෙන් කටයුතු කළොත් රුසියාව විසින් මේ වනවිට අත්පත්කරගෙන ඇති යුක්රේනයට අයති සියලු ප්‍රදේශ යළි යුක්රේනයට ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ පැහැදිලි කළේය.