සමාජ වෙබ් අඩවි නිසා සමාජයේ ප‍්‍රශ්න



සෑම නව යොවුන් වියේ දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් සමාජ වෙබ් අඩවි හේතුවෙන් පවුලේ හෝ සමාජයේ ප‍්‍රශ්නයවලටට මුහුණ දෙන බව අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි ද නැෂනල් වෙබ් අඩවිය වාර්තා කරයි.

සමාජ වෙබ් අඩවි භාවිතා කරන නව යොවුන් වියේ දරුවන් ස්වාධිනව ඡුායාරූප හෝ පෞද්ගලික තොරතුරු එම සමාජ වෙබ් අඩවි තුළට ඇතුල් කිිරීම  නිසා විවිධ බලපෑම්වලට අසුවන බව ද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇතැයි ද නැෂනල් වෙබ් අඩවිය පවසයි.

ඉකුත් මාස තුනක කාලය තුළ එමිරේටයේ අවුරුදු 15ත් 18 ත් අතර ගැහැණු දරුවන් හැට දෙදෙනෙකු මෙවැනි බලපෑම්වලට හේතුවී ඇතැයි ද එහි සදහන් වේ.

මෙම තත්ත්වය හේතුවෙන් දරුවන් බලපෑම්වලට ලක්වීම දිනෙන් දින වැඩිවෙමින් පවතින  බව වතානි අල් එමිරේට් පදනමේ අධ්‍යක්ෂ දිරාර් අල් ෆලාසි මහතා පැවැසී යැයි ද එහි දැක්වේ.

මෙහි ප‍්‍රධෘන ප‍්‍රශ්නය වන්නේ තාක්ෂණය භාවිතයේ දී සිටිය යුතු සීමා කොතැනදැයි තරුණ පරපුර නොදැන සිටීම යැයි ඔහු පැවැසූ බවද එහි සදහන් ව ඇත.

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS