සමාජ මාධ්‍යවලින් ට්‍රම්ප්ට කෙණෙහිලි

ජනාධිපතිවරණය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශ ‘අවහිර’ කරමින්, ඒවා විකාශය වැළැක්වීමට සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
සමාජ මාධ්‍ය සහ ඇතැම් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන පෙන්වා දෙන්නේ, ජනපති ට්‍රම්ප් කරන ප්‍රකාශ හේතුවෙන් ඇමෙරිකානුවන් නොමඟ යන බවත්, ඔවුන් ප්රචණ්ඩ ක්‍රියාවලට යොමු වී ඇති බවත්ය.
අද (6) ට්‍රම්ප් යළිත් වරක් ධවල මන්දිරයේ සිට විනාඩි 17 ක කාලයක් මාධ්‍ය අමතමින්, ඡන්ද වංචා සිදුවුණු බවට යළිත් වරක් චෝදනා කළේය. ට්‍රම්ප් එසේ කළේ ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් නොකරය.
මේ වනවිටත් ඉතිරි ජනපදවල ඡන්ද ගණන් කිරීම වැළැක්වීමටත් ගණන් කළ ඡන්ද නැවත ගණන් කිරීමටත්, ට්‍රම්ප් ප්රමුඛ සිය නීතීඥ කණ්ඩායම පියවර ගෙන ඇත.
මේ වනවිට ට්‍රම්ප්ගේ ප්‍රකාශ පිළිගනිමින්, ඡන්ද ගණන් කිරීම් නවත්වන්නැයි ඇතැම් ප්‍රධාන නගරවල රිපබ්ලිකන් පක්ෂයේ විරෝධතා පැවැත්වෙන අතර, ට්‍රම්ප්ට විරෝධය පළ කරමින් ඡන්ද ගණන් කරන්නැයි බලකරමින් ද ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයෝ විරෝධතා පවත්වති.
මේ අතර ජයග්‍රහණය අබියස සිටින ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් සමස්ත ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ සාමකාමීව කටයුතු කරන ලෙසය. ඡන්ද සියල්ල සම්පූර්ණයෙන් ගණන් කිරීමට ඉඩ තිය යුතු බවත් ඊට බාධාවක් නොවිය යුතු බවත් 78 හැවිරිදි බයිඩන් පවසා ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පරාජය බාර ගැනීමට අකමැතිව, ඡන්ද කටයුතු ප්‍රමාද කිරීමට උත්සාහ කරනවා යැයි ද ජෝ බයිඩන් චෝදනා කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)

