සමරිසි ප්‍රජාවට ආශිර්වාද



සමරිසි ප්‍රජාවට ආශිර්වාද කිරීම සඳහා කතෝලික පූජකවරැන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.

දෙවියන් වහන්සේ සියලු දෙනා එක සමානව පිළිගන්නා බව පෙන්වා දීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාප්තුමන්ගේ මෙම තීරණය, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත් ඉදිරි පියවරක් බව ද වතිකානය අවධාරණය කර තිබේ.

එසේ වුවත්, සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇතැයි ද වතිකානය පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS