සබ්මැරීනයේ සිරවුණු පිරිස බේරා ගැනීම පහසු නෑ



ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන මුහුදේ කිමිඳෙද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වීමත් සමඟ ඒ තුළ සිරවුණු පස් දෙනා බේරා ගැනීමේ බලාපොරොත්තු සුන්විය.

සබ්මැරීනය ඇති ස්ථානය සොයා ගත්තත්, ඉක්මණින් එතැනට යෑමට හැකියාවක් නොහැකි බැවින් සිරවුණු පස් දෙනා බේරා ගැනීම තවත් අසීරු වනු ඇතැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයෝ පැහැදිලි කරති.

පසුගිය 19 වැනිදා අතුරුදන් වුණු සබ්මැරීනය සොයා දිවි ගලවා ගැලීමේ මෙහෙයුම් සිදු වන්නේ ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. කැනඩාවේත් ප්‍රංශයේත් සහාය ඔවුන්ට හිමිවෙයි.

‘ටයිටැනික් නැවේ සුන්බුන් බලා යද්දී සබ්මැරීනයේ පැය 96 කට ප්‍රමාණවත් ඔක්සිජන් තිබුණා. සබ්මැරීනය සොයා අපි කඩිනමින් මෛහයුම් ආරම්භ කළත් එය සොයා ගැනීමට තවමත් හැකි වුණේ නැහැ. සෝනාර් තාක්ෂණය ඔස්සේ අපට ශබ්ද ඇසුණා. ඒ සෑම මිනිත්තු 30 කටම වරක්. ඒත් ඒවා සබ්මැරීනයේ සිටින පිරිස කරන උදවු ඉල්ලීමක්දැයි අප දන්නේ නැහැ. ඒ ශබ්ද පැමිණෙන නිශ්චිත ස්ථානයත් අප දන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරී කපිතාන් ජේමි ෆෙඩ්රික් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුවේය.


RECOMMEND POSTS