සත්‍රී දූෂණයකට සෞදි ජාතිකයන් තිදෙනෙකුට වසර 52ක සිර දඬුවම්



ජෙදාහි කාන්තාවක් ඇගේ සැමියා සහ  කුඩා දියණිය ඉදිරිපිටදී දූෂණය කිරීමේ වරදට සෞවුදි ජාතිකයන් 3 දෙනෙකු වසර 52කට සිරගත කරන ලදී.

අපරාධ අධිකරණය මගින් මෙම දඩුවම නියම කරන ලද්දේ අවස්ථාවන් දෙකකදී ඇයට ලිංගික අපහරණය සිදුකිරීමත්, නීති විරෝධි ආකාරයෙන් නිවසට ඇතුළුවීම සහ නිවස තුළ වයින්පානය කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමිනි.

මේ අතර සෞදි මහජන පැමිණිලි විමර්ශන අංශය මගින් අපරාධ කල්ලියක් සෑදීමේ චෝදනාව මත පුද්ගලයින් 4දෙනෙකුට විරුද්ධව නඩු පවරන ලදී.

මෙම හතර දෙනාගෙන් දෙදෙනෙක්ම  පාසල් සිසුන් වීම විශේෂත්වයකි.

අධිකරණය මගින් මෙම අපරාධ කල්ලියේ නායකයාට වසර 17ක සිරදඩුවම් හා කස පාරවල් 2500ක්ද, දෙවන හා තුන්වන සමාජිකයින්ට වසර 15ක සිරදඩුවම් හා කස පාරවල් 1500ක්ද, හතරවන සමාජිකයාට වසර 5ක සිරදඩුවම් හා කස පාරවල් 1500ක් නියම කරන ලදී.

 

(ජානක ප්‍රියදර්ශන ජයතිලක)


RECOMMEND POSTS