සජාහි සාප්පු සංකීර්ණයක ඉන්දීය ජාතකයෙකුගේ මළසිරුරක්. පරීක්ෂණ දිගටම



සජා නුවර පිහිටි සාප්පු සංකීර්ණයක ඉන්දීය ජාතකයෙකුගේ මළසිරුරක් හමුවීම සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණ කටයුතු ආරම්භකර ඇත.

මෙම සාප්පු සංකීර්ණය පිහිටා ඇත්තේ මයිසාලොන් දිස්ත්‍රිකයේය.  

පනස් හැවිරිදි මෙම පුද්ගලයා වසර 30කට ආසන්න කාලයක් තම සහෝදරයා සමග එමිරේට්හි ජීවත්වන අතර ශාඛා ගණනායකින් යුත් ඔහුගේම ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇත. 

ඉන්දියාවේ ජීවත්වන තම දරුවන්ගේ දියුණුව වෙනුවෙන් මෙම ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වැයකරන බව පරීක්ෂණවලදී සොයාගෙන ඇත.

අදාල නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා අධිකරණ වෛද්‍යවරයා වෙත සිරුර භාරදෙන ලෙස එම ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත් විසින් නියෝග කර ඇත.  

මෙම පුද්ගලයාට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 
මෙම මණයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්ද යන්න සෙවීම සදහා පොලිස් අපරාධ අංශය විසින් මේ වනවිට උපාය දුතයින් යොදවා ඇත. 


 
(ජි.ඩි.එන්.ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 


RECOMMEND POSTS