සකර්බර්ග් ප්රංශ ජනපති හමුවෙලා

ෆේස්බුක් සමාජ ජාල ප්රධානී මාර්ක් සකර්බර්ග් සහ ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක් ප්රංශයේ පැරිස් නුවර ප්රංශ ජනාධිපති මාලිගයේදී (ඉලීසේ මාලිගය) පැවැත්විණි.
දේශපාලනික වශයෙන් බලපෑම් එල්ල කරන ප්රකෝපකාරී වදන්, ඡායාරූප ආදිය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කිරීම කෙසේ කළ යුතුදැයි යන්න සම්බන්ධයෙන් සකර්බර්ග් සහ ප්රංශ ජනාධිපතිවරයා අතර මෙම හමුව පැවැත්විණි.
ෆේස්බුක් ආයතනයේ ප්රධානීන් කණ්ඩායමක් ද සකර්බර්ග් සමඟ ප්රංශයට ගොස් සිටින බව වාර්තා වේ. ඒ, ප්රංශ රජය කළ විශේෂ ඉල්ලීමකට කන් දෙමිනි.
(රොයිටර්ස්)

