සංක්රමණිකයෝ 480 ක් බේරා ගැනෙති: ශ්‍රී ලාංකීකයොත් ඒ අතරේ

ශ්‍රී ලාංකිකයින්, යේමන ජාතිකයින්, උතුරු හා මධ්‍යම අප්‍රිකා ජාතිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 480කට ආසන්න පිරිසක් රැගෙන මධ්‍යම මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් මානුෂීය සේවා නැවක් විසින් මුදා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුදා ගත් එම සංක්‍රමණිකයින් අතර දින හතරක් පමණ වයසැති දරුවෙක්ද සිටින බවට ජාත්‍යන්තර මාධ්‍ය සේවා රැසක් වාර්තා කර තිබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී.
එම නෞකාව විසින් මෙම සංක්‍රමණිකයින් සොයා ගැනීම හා මුදා ගැනීම වෙනුවෙන් ඉකුත් සෙනසුරාදා සිට මෙහෙයුම් දියත් කර ඇති අතර ඒ අනුව මෙම පිරිස බේරා ගැණුන බවද එම රොයිටර් වාර්තාවේ සඳහන් වේ.
රබර් බෝට්ටු දෙකකින් යුතුව සැකසූ යාත්‍රාවකින් මෙම පිරිස රැගෙන ගොස් ඇති අතර එම යාත්‍රාව ලිබියාවේ සබ්රාතා නගරයට නාවික සැතපුම් 22 කින් උතුරින් පිහිටි මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී අදාළ නෞකාව විසින් මුදා ගෙන ඇතැයි “ රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
මොවුන් යුරෝපය බලා සංක්‍රමණය වූ පිරිසක් බවට සැලකෙන බවද වාර්තා වේ. මොවුන් කුමන ප්‍රදේශය සිට යාත්‍රා කිරීම ඇරඹියේද යන්න සඳහනක් නොමැත.
වර්තමානයේ මිනිස් ජාවාරම් හි නිරත වන ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස ලිබියාවේ සබ්රාතා ප්‍රදේශය සැලකෙන බවද රොයිටර් වාර්තාවේ සඳහන් කෙරේ. එසේම එම ප්‍රදේශයේ පවතින සීත කාලගුණය උපයෝගී කරගනිමින් සංක්‍රමණිකයින් රැගෙන යාමෙ එම ජාවාරාම්කරුවන් කටයුතු කරන බවද පැවසේ.
මෙවැනි තත්ත්වයක් යටතේ යුරෝපයට මුහුදින් සංක්‍රමණය වීමේදී ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන මර්මස්ථානයක් වී ඇත්තේ ලිබියා මුහුදු සීමාවයි.මෙලෙස ලිබියා මුහුදු සීමා ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉතාලිය ඇතුළු යුරෝපා රටවලට සංක්‍රමණය වන්නන් මැඩපැවැත්වීමට ලිබියා වෙරළ ආරක්ෂක බලකාය පුහුණු කරවා ඇත.
මේ වසරේ මේ දක්වා කාලය තුළ විවිධ රටවලට අයත් සංක්‍රමණිකයින් 27,850 දෙනෙකු මුහුදු මාර්ග හරහා යුරෝපා සංක්‍රමණය වීමට උත්සාහ දරා ඇතැයි සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (අයි.ඕ.එම්) සඳහන් කරයි.
තිළිණි ද සිල්වා
රොයිටර් ඇසුරිනි

