ෂෙල් වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට

සෞදි අරාබියේ ජාසන් පළාතේ පිහිටි අල්-රඩ්හා හි රාජකාරී වල නිරත වෙමින් සිටි ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු යේමන ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සහ අටවන ලද බිම් බෝම්බයක් පුපුරා යෑමෙන් ජිවිතක්ෂයට පත්වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ආරක්ෂක ප්‍රකාශක සෞදි මාධ්‍ය නියෝජිතායතනයට නිවේදනයක් නිකුත් කරමින්කියා සිටියේය.
සැරයන් ජේබර් අහම්ඩ් යටිමි සහ උප-සැරයන් මෙහොමඩ් මූසා ජේබර් අල්- රෙයිතියන සෙබළුන් දෙදෙනා ප්‍රහාරයෙන් මියගිය බව අභයන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි

