ශ්රී ලාංකික 2ක් ඩුබායි වෙරළේ ගිලී මිය යති

ඩුබායි හි වෙරළ තීරයේ දිය නාමින් සිටි ශ්රී ලාංකිකයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත ඊයේ (02) වාර්තා කළේය.
මෙම ලාංකිකයින් දෙදෙනා ඩුබායි හි බර්ජ් අල් ඇරබ් මුහුදු වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට ගොදුරු වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ඩුබායි හි සේවය කළ ලාංකිකයින් දෙදෙනෙකි.ජීවිතක්ෂයට පත්වූ දෙදෙනාගෙන් එක් අයෙකු ශාන්ත නැමැති පුද්ගලයෙකු බවට තහවුරු කර ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා නම් ගම් හෙළි වී නැතැයි කලීජ් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ලාංකිකයින් දෙදෙනා ඉකුත් සිකුරාදා (30) සවස 4.00 ට පමණ දිය නෑම සඳහා බර්ජ් අල් ඇරබ් මුහුදු වෙරළ තීරයට පැමිණ ඇති අතර පසුව එහි ඈත මුහුදට පිහිනු බව සිද්ධිය ඇසින් දුටු අයෙකු ඩුබායි පොලීසියට පවසා ඇත.පසුව ඔවුන් දෙදෙනා නොපෙනී ගිය බවද ඔවුහූ ප්රකාශ කර ඇත.
පසුව වෙරළ ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් විසින් දියේ ගිලී ගිය ලාංකිකයින් දෙදෙනා සොයා මෙහෙයුම් පැය කිහිපයක් තිස්සේ මෙහෙයුම් පවත්වා ඇති අතර මිය ගිය අගේ මළ සිරුරු පසුව හමුවී ඇත.
මේ දිනවල මෙම වෙරළ තීරය ඉතා ප්රචණ්ඩ ස්වරූපයක් ගන්නා අතර එහි දිය නෑමට යන්නා පුද්ගලයින් ගැඹුරු මුහුද වෙතට නොගොස් ඉතාම පරීක්ෂාකාරි ලෙස කටයුතු කරන්නැයි ඩුබායි පොලීසිය විදෙස් සංචාරකයින් ගෙන් ඉල්ලා සිටී.

