ශ්‍රී ලංකා පෙම්වතා ඩුබායිහිදී පෙම්වතියගේ කන කාලා



 (විනීතා එම් ගමගේ)
    කලක් පෙම් කළ පෙම්වතියගේ කනකින් කොටසක් සපා කෑ බවට චෝදනා ලැබූ ඩුබායි හි සේවය කරන 34 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව එරට අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතිතැයි “ද නැෂනල්” වෙබ් අඩවිය කියයි.
    තමන් මීට වසර තුනකට පමණ පෙර මෙම තැනැත්තා සමඟ සම්බන්ධයක් තිබු බවත් ඔහුගේ හිරිහැර, පහර දීම් ඉවසනු බැරි නිසාත් තමන් සතු මුදල් ඔහු සොරකම් කරන නිසාත් එම සම්බන්ධය නතර කර දැමු බව 36 හැවිරිදි  පැමිණිලිකාර කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය වූ දිනයේ තමන් සේවයට යන අතර තුර පිටුපසින් පැමිණී මෙම තැනැත්තා පහර දී තමන් අත තිබු මුදල් පසුම්බිය පැහැර ගැනීමට උත්සාහ කළ බව ද ඇය පොලිසියට පවසා ඇත.
එහිදී බේරීමට පොර බැදු අවස්ථාවේ ඔහු කන සපා කෑ බවත්, එහි දී ඩිරාම් 610 ක්, ජංගම දුරකතනය හා ක්‍රෙඩිට් කාඞ් පත ද ඔහු උදුරාගත බවද ඇය කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.
මෙම කාන්තාව සියයට පහක ආබාධිත තත්ත්වයට පත් කර තිබීම හා සොරකම් කිරීම යන චෝදනා යටතේ මෙම තැනැත්තාට එරෙහිව චෝදනා ගොනුකොට ඇති අතර මේ මස 21 වැනිදා මේ පිළිබඳ වැඩි දුර විභාගය පැවැත්වේ.


RECOMMEND POSTS