ශෂිකලා උපවාසයකට සැරැසෙයි

පාලක අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම් පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබෙන තමාට තමිල්නාඩු මහ ඇමැති ධුරය දීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉඩ ලබා නොදෙන්නේ නම්, තමා උපවාසයක් ආරම්භ කරන බව ශෂිකලා නට්රාජන් කියයි.
අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම් පක්ෂයේ පක්ෂයේ මහ ලේකම් ධුරය හොබවන්නේ ද ශෂිකලාය. මැය අභාවප්‍රාප්ත ජයලලිතාගේ සමීපතම හිතවතියයි. අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම් පක්ෂය පිහිටුවනු ලැබුවේ ජයලලිතා විසිනි.
ශෂිකලාට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම සතියේ නඩු විභාගයක් පැවැත්වෙයි. නඩු විභාගයේ තීන්දුවෙන් පසු, මහ ඇමැති ධුරයේ දිවුරුම්දීමට තමාට ඇරැයුම් කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාර විද්යාසාගර් රාඕ, ශෂිකලාට පවසා ඇත. මහ ඇමැති ලෙස ශෂිකලා දිවුරුම් දිය යුත්තේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේය.
(එන්.ඩී.ටීවී.)

