ශතවර්ෂයකට වරක් මුහුණ දෙන අභියෝගයක්
මිනිසා ට එදා මෙදා මුහුණ දීමට සිදුවුණු දරුණුතම සෞඛ්‍ය සහ මානව ඛේදවාචකය ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසය බවත්, ශතවර්ෂයකට වරක් මිනිසාට මුහුණ දෙන්න සිදුවුණු දරුණුතම සෞඛ්‍ය අර්බුදය ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ වනවිට ලොව පුරා ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 18 කි. සුවය ලැබූ ගණන මිලියන 11 කි. ලොව පුරා මරණ 7,00,000 ට ආසන්නය. වයිරසය හේතුවෙන් අඩපණ වූ සංචාරක කටයුතු යළි සුපුරුදු තත්ත්වයට පත්වනු ඇත්තේ 2024 වසරේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයයි. වයිරසය වූහාන් නුවර පිහිටි චීන රජයට අයත් වයිරස පර්යේෂණාගාරයෙන් සමාජයට කාන්දු වෙන්න ඇතැයි සැකයක් ද පවතී. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරසයකි. ‘කොවිඞ් 19’ යනු එම වයිරස පවුලේ නවතම සාමාජිකයාය.
කෙසේ නමුත්, මෙම වයිරසය, ලොවට ආගන්තුක එකක් නොවන බවත්, දශක ගණනක් තිස්සේ එය වවුලන්ගේ සිරුරුවල තිබුණු බවත් පසුගිය දා ජගත් විද්‍යාඥ කණ්ඩායමක් ලොවට හෙළි කළේය. චීනයේ වයිරස අවදානම පහව ගොස් ඇති නමුත්, විටින් විට චීන සමාජයෙන් ආසාදිතයන් වාර්තා වෙයි. පසුගිය සතියේ ෂිංජියැන් පළාත කේන්ද්‍රකොට ගනිමින් නව ආසාදිතයන් හමුවීමට පටන් ගත්තේය. ෂිංජියැන් පළාතේ උරුම්කී අගනුවර වසා දැමුණු අතර හටගත් එම වයිරස රැල්ල පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු සමත් වූහ. ඒ, හමුදා සහාය ඇතිවය.
(රොයිටර්)

