වෙළෙඳ සංකීර්ණයේ ගින්නට 58 ක් බිලි



සයිබීරියාවේ පතල් කර්මාන්තයට ප්‍රසිද්ධ කෙමෙරෝව් නගරයේ සුපිරි වෙළෙඳසැල් සංකීර්ණයක හටගත් ගින්නකට 58 දෙනෙක් බිලි වූහ. මියගිය 58 දෙනාගෙන් 41 දෙනකු පමණ කුඩා දරුවන් යැයි පැවැසෙයි.

‘වින්ටර් චෙරි’ නමැති එම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිනමාහලක් ද පිහිටා ඇති අතර, ගින්නට කොටුවූයේ සිනමාහලේ සිටි පිරිස යැයි ද පැවැසෙයි.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය 17 කට වඩා වැඩි කාලයක් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට අමතරව, සහන සේවා නිලධාරීහු 600 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ.

(බී.බී.සී)


RECOMMEND POSTS